සමාහර මින්ස්සුන්ට හින ගොඩක් තියනවා.................


    මම මේ කියන්න යන්නෙත් ඒ වගේ කෙනෙක් ගැන නෙවේ,

චමරිට ඔය කියපු තරම් ලොකු ලොකු හීන ගොඩක් තිබුනේ නෙහැ.චමරි බැලුවේ කොහොම හරි තමන් ඉන්න තැනින් ගොඩට යන්න.


ඉතින් එයා අමාරුවෙන් හම්බකරගත්තු සල්ලි වගයක් ඉතුරු කරගෙන හිටියේ මැද පෙරදිග රටකට ගිහිල්ලා වැටිල එන්න ගේ කැල්ලය් ළමයි දෙන්නටඉ හොදට උගන්නගන්න.

 එහෙම හිතගෙන හිටියට පාස් පෝර්ට් එක අතට හම්බුනම චමරිට ඒ රටට යන්න හිතට එක පාරටම බයක් දැනුනා, මොකද පත්තර වල ටෙලිවිෂන් වල ඇහෙන කතා වල්ට .වෙඩිහරියක්ම ලංකාවට එන්නේ අපා දුක් විදල නිසා.


     කොහොම හරි ළමයි දෙන්න ගැන හිතල හිත හයිය කරගත්ත චමරි ඔන්න අද තමා සවුදි රටට යන්නේ,ඉතින්න පොඩි එව්වො දෙන්නා සැමියටයි,අම්මටයි බාර දීල රටින් පිට උනා.යානය ඇතුලේ හිටිය කවුරුවත් එක්ක එයා වැඩිය ඇයි හොදයියට ගියෙත් නැහැ.


     කොහොමින් කොහොම හරි ඔන්න දෙන් සවුදි ගුවන් තොටුපොලෙන් බැහැල එය ඇවිදගෙන ගියා එයා ආපු ඒජංසියේ මහත්තුරු ඉන්නව කිවුව තැනට,ඔහොම යන ගමන් ටිකක් වටපිට බැලුවා එයාට ඇහුනේ අමුතුම භාෂාවක් ජීවිතේට අහලවත් නැති.හුගක් කාංතාවෝ මූණූ වහගෙනයි හිටියේ.ඒ අතරේ එයාට හිතුනා නොදන්න රටක තනි උනාදෝ කියලා.


      චමරී අර මහත්තුරු ටික මුනගැහිලා එයාට වැඩ කරන්න  ගෙයක් හොයා ගත්තා.දැන් චමරිගේ හිතේ තිබුන බය ටිකක් අඩු වෙලයි තිබුනේ.මොකද කියනවනම් එයා වැඩකරන ගෙදර අය ගොඩක් එයාට අදරේ කරපු නිසා.ගෙදර පොඩි ළමයි දෙන්නත් චමරිට ගොඩක් අදෙරෙයි.


      වැඩකරන අතරේ චමරිට එයාගේ ගෙදරට කතා කරන්නත අවස්ථාවක් ලැබුනා සතියකට දවස් දෙකක් ,තුනක් විතර .ගෙදර අය ඒකට චමරිට මුකුත් කිවුවෙ නැහැ.

    චමරි ලංකාවේ ඉදල එනකොට එයාගේ රෙදි අස්සේ දාගෙන පරිස්සමට පොඩි බුදු පිලිමයක් අරන් ඇවිත් තිබුනා මල්පහන් පුජා කරන්න.එයා හෙමදාම ඒ වතාවත් නොපිරිහෙලා ඉටුකලා.


   දවසක් චමරි කුස්සියේ වැඩ කරකර ඉන්න අතරේ,ඒ ගෙදර ඉන්න පොඩි ළමයා චමරිගේ කාමරේට ඇවිත් ඉන්න අතරේ චමරිගේ බුදු පිළිමෙ මේ ළමයා දකිනවා,එයාගේ හිතේ ඒක බෝනික්කෙක් කියල එකත් එක්කල සෙල්ලම් කරනවා.මේ අතරේ එකපාරටම සද්දයක් ඇහෙනවා ,චමරියි ඒ ගෙදර නෝනයි මහත්තයයිත් එතනට දුවගෙන එනවා. ඒ අතරේ චමරිගේ ඇස් වල කදුලු දැකපු ගෙදර නෝනා මෙන්න මෙහෙම කියනවා"චමරි ඔයා අඩන්න එපා මම මහත්තයට කියලා .ඔයිට වඩා ලස්සන බෝනික්කෙක් ගෙනත් දෙන්නම්"

  ඒක අහපු චමරිගේ හිතට මේ මිනිස්සු ගැන අනුකම්පාවක් වගේම පොඩි දුකකුත් ඇතිවෙනවා.ඒත් එක්කම පුන්චි හිනාවකුත් හිතේ ඇතිවෙනවා

   දෙයියනේ චමරිගේ බුදු පිලිමේ බිමට වැටිලා කැඩිල ගිහිල්ලා.

    එකපාරටම චමරිගේ ඇස් වලින් කදුලු බිංදු දෙක තුනක් පනිනවා.ඒ පිලිමේ කැඩුනට නෙවෙයි තමන්ගේ දුක ,සාන්කව කියගන්න ඒ උන දෙයින් පස්සේ බැරිවෙන නිසා.